Saturday, September 3, 2016

මගේ මුල්ම වේදිකා නාටයය


දයාබර පියෙකු ලෙස
නරි වෙසින් රගන්නට
ලද ඇරයුමෙන්

මත් වුනෙමි මා

විදුහල් වේදිකාවේ
හැගුම්බර අයුරකින්
කරන ලද රංගයට
ලද පැසසුමෙන්
මත් වුනෙමි මා

ආදරය,කරුණාව,දයාව පිරි පිටපතට
පණ දෙන්න දිරිය දුන් ඔබ සැමැට
පුද කරමි ගවුරවය මා

එකම මා පැතුම වන
වේදිකාව ජය ගන්න
අත් පොතට උරුමය
"අලුත් යාළුවේ" ඔබට
හිමිවන අයුරු
සිතින් සිහිපත් කරමි
හැමදාම මා..............




රංගනය යනු චරිතය තුළ ජිවත් වීම නොව,
යම් චරිතයකට සමානුරූපී වීමයි.............





Thursday, September 1, 2016

ගිරවා දැමීම.



වාචෝද්ගත කිරීම, කටපාඩම් කිරීම නැතිනම් ගිරවා දැමීම ගැන මෙකල බොහෝදෙනා දෝෂාරෝපණය කරනවා. විශේෂ විභාග රහිතව කටපාඩම් කිරීමෙන් පමණක් ඉගෙනිමට කල්පනා කිරීම ගැන නම් දෝෂාරෝපණය කිරීම යුක්තිසහගතයි. නමුත් ඊට උවමනා අංගෝපාංග සහිතව කටපාඩම් කරගැනීම කිසිසේත් වරදක් නෙමෙයි. ඒ බව සුතා, ධාතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා යන දේශනා පාඨයන්ගෙන් පැහැදිලි වෙනෙවා.
                      
      සුතා යන්නෙන් උගත මනා දෙය ගුරුවරුන්ගෙන් කියවා ගැනීම සහ තමන් ම හොදින් පොත පත කියවීම ඇගවෙනවා. ධාතා යන්නෙන් ඒ කියවා ගත් දෙය එසේම සිතින් දරා ගැනීම දැක්වෙනවා. වචසා පරිචිතා ඒ සිතින් දරා ගත් දෙය නොයෙක්වර වචනයෙන් ද පාඩම් කියා ප්‍රගුණ කර ගැනීමත්, මනසානුපෙක්ඛිතා යන්නෙන් එසේ වචනයෙන් ද කියා ප්‍රගුණ කර ගත් දෙය විශේෂ විභාග පරික්ෂා කිරීම් ආදී වශයෙන් නැවත නැවතත් සිතෙනුත් සිතා බැලීම ද, දිට්ඨියා සුප්පටිවිද්ධා යන්නෙන් එසේ සිතෙනුත් සිතා තීරණය කරගත් දෙය එසේම හොදින් ඥානයෙන් අවබෝධ කර ගැනීම ද ප්‍රකාශ වෙනවා.


              මෙය සංක්ෂේප වශයෙන් උගත මනා කරුණ හොදින් පාඩම් කර ප්‍රගුණ කර ගැනීම ද, එය නැවත නැවතත්  සිතෙනුත් සිතා බැලීමද, එය එසේම ඥානයෙන් ද, නොනස්නා පරිදි අවබෝධ කර ගැනීමද යන ප්‍රධාන කරුණු තුනකින් යුක්ත වෙනවා.

                              මීට වෙනස් ව කිසිකලෙකත් ඉගෙනීමක් සිදු නොවන බැවින් ශිෂ්‍යයන් වන අප විසින් උගත මනා කරුණු පාඩම් කර, හොදින් ප්‍රගුණ කොට, එහි අර්ථ හා විශේෂ විභාගාදිය හොදින් සිතා බලා තීරණය කරගෙන එය නො නැසෙන පරිදි ඥානයෙන් අවබෝධ කරගත යුතුයි.

ගිරවා දැමීම.


වාචෝද්ගත කිරීම, කටපාඩම් කිරීම නැතිනම් ගිරවා දැමීම ගැන මෙකල බොහෝදෙනා දෝෂාරෝපණය කරනවා. විශේෂ විභාග රහිතව කටපාඩම් කිරීමෙන් පමණක් ඉගෙනිමට කල්පනා කිරීම ගැන නම් දෝෂාරෝපණය කිරීම යුක්තිසහගතයි. නමුත් ඊට උවමනා අංගෝපාංග සහිතව කටපාඩම් කරගැනීම කිසිසේත් වරදක් නෙමෙයි. ඒ බව සුතා, ධාතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා යන දේශනා පාඨයන්ගෙන් පැහැදිලි වෙනෙවා.
                      
      සුතා යන්නෙන් උගත මනා දෙය ගුරුවරුන්ගෙන් කියවා ගැනීම සහ තමන් ම හොදින් පොත පත කියවීම ඇගවෙනවා. ධාතා යන්නෙන් ඒ කියවා ගත් දෙය එසේම සිතින් දරා ගැනීම දැක්වෙනවා. වචසා පරිචිතා ඒ සිතින් දරා ගත් දෙය නොයෙක්වර වචනයෙන් ද පාඩම් කියා ප්‍රගුණ කර ගැනීමත්, මනසානුපෙක්ඛිතා යන්නෙන් එසේ වචනයෙන් ද කියා ප්‍රගුණ කර ගත් දෙය විශේෂ විභාග පරික්ෂා කිරීම් ආදී වශයෙන් නැවත නැවතත් සිතෙනුත් සිතා බැලීම ද, දිට්ඨියා සුප්පටිවිද්ධා යන්නෙන් එසේ සිතෙනුත් සිතා තීරණය කරගත් දෙය එසේම හොදින් ඥානයෙන් අවබෝධ කර ගැනීම ද ප්‍රකාශ වෙනවා.

              මෙය සංක්ෂේප වශයෙන් උගත මනා කරුණ හොදින් පාඩම් කර ප්‍රගුණ කර ගැනීම ද, එය නැවත නැවතත්  සිතෙනුත් සිතා බැලීමද, එය එසේම ඥානයෙන් ද, නොනස්නා පරිදි අවබෝධ කර ගැනීමද යන ප්‍රධාන කරුණු තුනකින් යුක්ත වෙනවා.

                              මීට වෙනස් ව කිසිකලෙකත් ඉගෙනීමක් සිදු නොවන බැවින් ශිෂ්‍යයන් වන අප විසින් උගත මනා කරුණු පාඩම් කර, හොදින් ප්‍රගුණ කොට, එහි අර්ථ හා විශේෂ විභාගාදිය හොදින් සිතා බලා තීරණය කරගෙන එය නො නැසෙන පරිදි ඥානයෙන් අවබෝධ කරගත යුතුයි.

Saturday, August 27, 2016

විරහ ගීතය


සතුට සෙනහස මසිත පිරිවරු
                               ඔබේ රුව සැමතැන දිසේ........
දෑස් අතරේ කදුළු බොදවී
                               පියවි ලොව කළු තිර වැසේ.........
කදුළු පිසදා සිනාසෙන්නයි
                                දස අතින් ඇරයුම් ඇසේ........
වියෝ ගිනි ගත සිත දවද්දී
                                 සිනාසෙන්නද මා කෙසේ..........  











ආදරය,,,,,,


ආකර්ෂණය මුල්කොට ගෙන ගොඩ නැගෙන්නකි. 
එය අතිශයින්ම ආත්මාර්තකාමී වනු ඇත.

Wednesday, August 24, 2016

බුද්ධිමතුන්ට අමතක වූ තරමක්.


                                      මානව සංහතියේ පැවැත්ම ඔවුන් තුල පවත්නා මතක ශක්තිය මත රදා පවතින බව පැවසීම මුසාවක් නොවෙයි. සමස්ත ලෝකයේම අවධානය දිනාගත් විද්වතුන්ගේ කල්පනා ශක්තිය ඉතාමත් තියුණු බව බහුතරක් දෙනා අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයක්. නමුත් ඔවුන්ට සිදුවූ අමතක වීම් හා ඔවුන් කරන ලද ඇතම් ක්‍රියාවන් ඔවුගේ දැනීමේ තරම දෙස බලන විට පුදුම එලවන සුළුයි.

                                        විදුලි බුබුළ, සිනමටෝස්කෝපය ආදී විශිෂ්ට නිර්මාණ රැසක් බිහි කළ තෝමස් අල්වා එඩිසන් දිනක් තම බදු මුදල් ගෙවීම උදෙසා බදු කාර්යාලය වෙත ගියා. බදු ගෙවීමේ පෝලිම එදින තරම් දිගුව තිබුණු හෙයින් කාලය නිකරුණේ ගෙවා නොදමන ඔහු විද්‍යා ගැටළුවක් විසදමින් සිටියා. තම වාරය එන තෙක් ම ඔහු ගැටළුව නිරාකරණය කිරිමට උත්සහ ගත්තා. ඔහුගේ වාරය එළඹීමෙන් පසු මුදල් භාර ගැනිමට සුදානම් වූ මුදල් අයකැමි තැන එඩිසන්ගේ නම විමසා සිටියා. එඩිසන්ට තම නම අමතක වී තිබුණා. ඉතාමත් වර වෑයමින් ඔහු උත්සහ කළේ තම නම මතක් කර ගැනීමටයි. වාසනාවකට මෙන් එම කාර්යාලයේ ප්‍රධානියා ඔහු දැක “ එඩිසන් මහත්මයා, සුබ උදෑසනක්.” යැයි කීවා. තමාගේ නම මතකයට නගා ගත් එඩිසන් කාර්යය අවසන් කර නික්ම ගියා.

                                      සාපේක්ෂතාවාදය ලොවට හදුන්වා දුන් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් දිනක් අවන්හලකට ගොඩවැදී ආහාර ගත් පසු කබායක් පැළදගෙන නික්මගියා. ඔහු පැළද සිටියේ ඔහුගේ ප්‍රමාණයට නොගැළපෙන විශාල කබායක්. කල්පනාවක නිග්මන් වූ ඔහුට ඒ පිළිබද අවබෝදය වුයේ නැහැ. මද දුරක් ගිය ඔහු කබායේ සාක්කු වලට අත දමන විට එහි අත්මේස් තිබෙනු දැක තමා අත්මේස් නොපලදින බැවින් නැවත අවන්හලට විත් එහි කළමනාකරුට මෙසේ පැවසුවා.
“ තමුසෙලාගේ වැඩවල කිසිම තේරුමක් නෑ. බලනවා මගේ කබායේ සාක්කු වලට කවුදෝ වැරදීමකින් අත්මේස් දෙකක් දමලා.”
අයින්ස්ටයින් ඇද සිටි කබායේ උස මහත සහ අත්වල දිග දැක සිදුවූ දේ වටහා ගත් කළමනාකරු අයින්ස්ටයින්ට සිදුව ඇති දේ පිළිබද පැහැදිලි කර දුන්නේ ඉතාමත් අපහසුවෙන්.

                                         ගුරුත්වාකර්ෂණය ලොවට හදුන්වා දුන් ශ්‍රීමත් අයිසෙක් නිවුටන් ගිනි තපිමින් සිටින අතරතුර, “ මේ ගින්දර නිවනවා. මේකේ රස්නෙට මාව කරවෙයි. ගින්දර රස්නේ වැඩියි.” කියමින් දහදිය පෙරාගෙන බියෙන් කෑමොර දෙන්නට වුණා.
 “මහත්මයා ඔය පුටුව පස්සට ඇදල වැඩිවුනා නම් රස්නය අඩු වෙනවනේ.”  ඔහු වෙත පැමිණි සේවකයා පැවසුවා.
“හැබෑ නේන්නම් මට ඒක කල්පනා වුනේ නෑ නේ.”  නිවුටන් පිළිතුරු දුන්නා.

                                          18 වන සියවසේ ජිවත් වූ ප්‍රංශ ජාතික තෘණ විද්‍යාඥයකු වූ ගැයිලොම් ෆෑන්ක් කොයිස් ද අමතක වීමේ රෝගයෙන් පෙලෙන්නෙක් වුණා. ඔහුගේ මේ රෝගයෙන් බලවත්ම කරදරය වුණේ ඔහුගෙන් ඉගෙනගත් සිසුන්ටයි. ගැයිලොම් පන්තියේ උගන්වමින් සිටින අතරතුර තම ඇදුම් එකිනෙක ගලවා ඉවත දමනවා. එවන් අවස්ථාවන්හිදී “ ඔබ සිටින්නේ ඔබේ නිදන කාමරය තුළ නෙවෙයි.” කියමින් ඔහුට මතක්කර දිමට සිසුන්ට සිදු වුණා.


                            මතක ශක්තිය කියන්නේ බුද්ධිමත් බවේ ලක්ෂණයක් කියල සමාජයේ මතවාදයක් තිබුණත්, ඒක එහෙම නොවෙන බව ඉහත නිදසුන් මොනවට කියාපානවා.      

Friday, August 12, 2016

අන්ධ ආදරය


සීදූව හංදියේ
ගාට ගාට අපි ඇවිත්
ජීවිතේ රැකගන්න
බෙඩ්ෂීට් විකුණලා

මටත් නෑ ඇයට නෑ
දෙනෙත්
ඇත අද වෙලා

හැප්පුනා අපි දෙදෙන
සැරයටිය ඇත දරා
රෝහලේ අපි දෙදෙන
13 නේ නැවතිලා

කම්පනේ හින්දදෝ
මගෙ දෙනෙත් පෑදිලා
මගේ බිසෝ දැක ගන්න
මම මෙහෙම සැරසිලා.....................   

Monday, August 8, 2016

බුදුරදුන් සහ ජේසුස් ක්‍රිස්තුස් දුටු ස්ත්‍රීවාදය.

                                            තාක්ෂණයෙන් වගේම බුද්ධිමය අතින්ද දැවැන්ත පියවර තබන මානවයා ඇතැම් සමාජමය කරණා වලදී පසුගාමී චින්තනයක් පදනම් කරගනී. සමාජය තුළ කාන්තාව වෙත හෙලන දෘෂ්ටිය ඉන් ප්‍රධාන කාරණයක්. පුරාණ ‍ වෙදික යුගයේදී කාන්තවට ද, පුර්ෂයාට සමාජයේ හිමිව තිබූ සෑම අයිතිවාසිකමක්ම හිමි වුණා. ජගන්මාතා වන්දනය තුළින් කාන්තාව  පුජනීයත්වයෙන් ද සළකනු ලැබුවා. නමුත් බ්‍රහ්මණ යුගය වීමේදී කාන්තාවට තිබූ සෑම අයිතිවාසිකමක්ම බ්‍රහ්මණ සමාජය උදුරා ගනු ලැබුවා.


                                                                සමාජ ක්‍රමය විනිවිද දකිමින්, අදුරදර්ශී සමාජය හෙලා දකිමින්, උඩුගම් බලා පිහිනනා පරමාදර්ශී පුද්ගලයන් ආගමික ශාස්තෘවරුන් විදිහට හදුන්වන්න මම කැමතියි. ලෝකයට බිහිවුණු බුදුන්වහන්සේත්, ක්‍රිස්තුස් වහසේත් එවන් පරමාදර්ශී පුද්ගලයන් වුනු ආගමික ශාස්තෘවරුන් දෙදෙනෙක්. ඔවුන් සමාජය තුළ කාන්තාවට අහිමිවූ අයිතිවාසිකමක් ලබා දෙන්න දැවැන්ත අරගල අරගෙන ගියේ නෑ. ඒත් තමන්ට මෙකී සමාජයට නව දැක්මක් ලබා දෙන්න උපකාරී වුණු මාතෘත්වයට ගරු කරමින් තාමාගේ දැක්ම ඇතුළේ කාන්තා නිදහස වෙනුවෙන් අනුබලක් ලබා දුන්නා.

                                                          බුද්ධ දේශනාව තුළ කාන්තාවට විශාල ඉඩක් ලැබුණා. පියා පමණක් නොව මවද පුර්වාචාරීන් ලෙස හදුන්වා දුන්නා. කෝසල මල්ලිකාට දියණියක් ලැබීමෙන් දුක් වුනු කොසොල් රජුට, ඇතැම් ස්ත්‍රීන් පුර්ෂන්ට වඩා ශ්‍රේෂ්ඨ වන බව බුදුන්වහන්සේ පහදා දුන්නා. සිගාල සුත්‍රයේ සදහන් පරිදි කාන්තාව අයිතිවාසිකම් සහිත ගරුත්වය යුතු කෙනෙක් බවට සදහන් කරනවා. බුදු සසුනේ සිව්වනක් පිරිසෙන් අඩක් කාන්තා නියෝජනය කිරීම හමුවේ ස්ත්‍රීන්ට හිමි වූ නිසිතැන හදුනා ගන්න පුළුවන්. කාන්තාවකට බුද්ධි මහිමය සංවර්ධනය කිරීමෙන් විශ්මයජනක දේ කළ හැකි බව භික්ෂුණි සංයුක්තයේ එන සෝමා තෙරණියගේ කතාවෙන් ද පැහැදිලි වේ. භික්ෂුණි සංයුක්තයේ වජිරා, ගෝතමී, විජයා,උත්පලවන්නා, උපචාලා, සුපචාලා,සේලා යන කතා පුවත් තුලින් ද ස්ත්‍රීත්ව ලැබීම ශාපයක් නොවන බව පෙන්වා දෙයි.

                                              ක්‍රිස්තුස් වහන්සේ ජිවත් වූ ජුදා සමාජය ද කාන්තාව සතු අයිතිවාසිකම් සහ ගරුත්වය අහිමිකල සමාජයකි. නමුත් ක්‍රිස්තු ආගමනයෙන් පසු එය වෙනස් කරන්නට එතුමා වෙරදරුවා. අධ්‍යාපන අයිතිය කාන්තාවන්ට අකැප සමාජයක දැනුම් පිපාසයෙන් සිටි මරියාට ක්‍රිස්තුස් වහන්සේ දහම උගන්වා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය පිදිබද පළමු ආරංචිය ලැබුනේද කාන්තාවන් තිදෙනෙකුටයි. රබ්බවරුන් කාන්තාවගෙන් ඇප උපස්ථානය ලැබීම ප්‍රතික්ෂේප කලද තම හිතාදර ගෝලයා වූ පේදුරුගේ මව ක්‍රිස්තුස් වහන්සේට ඇප උපස්ථාන කළ බව මාක්, ලුක් සහ මතෙව් යන සුවිශේෂ ත්‍රිත්වයම පවසනවා. සමාජයේ අසුබවාදී චරිතයක් ලෙස හංවඩු ගැසුණු වැන්දඹුවන් පිල්කුල් කළ යුතු නොව දයානුකම්පාව දැක්විය යුතු පිරිසක් බව ක්‍රිස්තුස් වහන්සේ දැඩිව පෙන්වා දුන්නා. කාන්තාවන්ට හිමි නිසි පිළිගැනීම නොලැබුණු සමාජයක මග්දලාහි මරියා, පේදුරුගේ නැන්දණිය, යාසරස්ගේ දියණිය, බෙතානියේ ස්ත්‍රිය, ලේ මාල රෝගයෙන් පෙළුණු කාන්තාව ආදී බොහොමයක් ස්ත්‍රිගේ ශාරීරික, මානසික, මෙන්ම අධ්‍යාත්මික රෝග සුව කිරිමට ක්‍රිස්තුස් වහන්සේ නොපැකිලව ඉදිරිපත් වුවා.

                                            ඒ අනුව බුදුන්වහන්සේගේ දර්ශනයත්, ක්‍රිස්තුස් වහසේගේ ධර්මයත් කාන්තා නිදහස වෙනුවෙන් අනුබලක් ලබා දෙමින් කාන්තාවන් සමාජයේ හිමි නිසිතැන ලබා දිමට කටයුතු කළා. බුද්ධ දර්ශනය අනුගමය කරන්නෝත්, ක්‍රිස්තු ධර්මය අදහන්නෝත් කාන්තාවනට සමාජය තුළ සමතැන ලබා දීම කවරක් වෙතත් නිසිතැන ලබා දිමට උත්සුක විය යුතුමය. 


Thursday, August 4, 2016

විකට්ටුව

උඩ දමන පන්දුවට
                හූල්ලන මල්ලියේ.....
ටීම් එකට බැහැගන්න  
                පොර වදින  මල්ලියේ.....

කම්බිවැට අල්ලාගෙන
                    පිට්ටනිය දෙස බලා
ගහන උන් අමතනා
                    අහිංසක මල්ලියේ.....

බඩට ලුණු කැද ටිකක් 
                   
                     දමන්නට බැරි අපට

කොහෙ ගහන “කිරිකැට්” ද 
                     
                     ගෙට වරෙන් මල්ලියේ.....   

Monday, August 1, 2016

කිතුදහමින් පදනම ලැබූ ලංකේය විවාහ චාරිත්‍ර .

  



                       වත්මන් සමාජ සන්දර්භය තුල ප්‍රබල මතයක් නිර්මාණය කිරීමේ ලා ජන මාධ්‍ය සමත්ව ඇත. එහි එක් ප්‍රබල ප්‍රතිපලයයක්ව ඇත්තේ සමාජය තුල ජන මාධ්‍ය මගින් මෙහයවනු ලබන සංස්කෘතියක් මුල් බැස ගෙන තිබීමයි. එකී සංස්කෘතිය “ ජනප්‍රිය සංස්කෘතිය ” නම් වන අතර මෙය වැළද ගන්නෝ බහුතරය තරුණයෝ වෙති.

                      ඕනෑම සමාජ ස්තරයක “ විවාහය ” නම් වූ සංස්කෘතික සාධකයට පෘථුල ඉඩ කඩක් වෙන්ව ඇත. අද්‍යතන තරුණ පරපුර “ විවාහය ” නම් වූ සංස්කෘතික සාධකයට පවා ඉහතින් දැක්වූ ලෙස ජනප්‍රිය සංස්කෘතියේ අංගෝපාංග එක් කොට ගැනිමට මහත් පරිශ්ශ්‍රමයක් දරනු දක්නට ලැබේ. පුද්ගල ජීවිතයක  දෙවන ජන්මලාභය ලෙස සනිටුහන් වනු ලබන විවාහය සැලසුම් කිරීමේදී  වත්මන් තාරුණ්‍යය ජනප්‍රිය සංස්කෘතිය මත යැපෙමින් wedding Theme , wedding package ආදී නවාංග තම විවාහයට එක් කොට ගනු දක්නට ලැබේ.  විවිධ කාල පරාසය ඇසුරේදී විවිධාකාර ස්වරූපයන් දරනු ලැබුවාවු ද, නුතන සමාජ රටාව තුල තම සමාජ තත්වය නිරූපනය කිරිමේ ප්‍රමුඛ සාධකයක් වන්නාවූ ද  විවාහය, කලින් කලට ප්‍රබල සමාජ සාධකයක් වෙමින්, සංස්කෘතික සකස් කරමින් පුද්ගල ජීවිතය හා අනුපමේය සබදතාවක් දක්වයි. මේ සා පුළුල් පරාසයක් කරා යොමු වන විවාහය හා විවාහය ‍හා බැදි චාරිත්‍ර ලංකේය සමාජය තුල සනිටුහන් වුයේ කවරාකාරයෙන් ද යන්න සොයා බැලීම කාලෝචිත වේ.
                     
                                      මෙරට තුල විවාහය සංස්කෘතිකාංගයක් ලෙස බිහිවීමේ ලා මුඛයම සාධකය වුයේ කිතු දහම බව ඓයිතිහාසික සාක්ෂි හෙළිදරව් කරයි. ලංකේය ජන සමාජය තුල විදේශ ආක්‍රමණ වලට පෙර පැවති පුද්ගල චර්යා ධර්ම අතර  විවාහය ‍හා බැදි චාරිත්‍ර වලට යම් ඉඩකඩක් පැවති බව හදුනාගත නොහැකිය. සිංහල ජනයා අතර ලිංගික ජීවිතය පිළිබද පැවතියේ ලිහිල් සබදතාවක් බව රොබට් නොක්ස් ගේ  සහ කේරොෂ් ගේ වාර්තා තුල පවා සදහන් වෙයි. මෙරට තුල ජීවත් වූ හින්දු භක්තිකයන් ඇසුරේ පැවති විවාහය හා බැදි ශුද්ධභාවය පිළිබද වූ සංකල්පය සිංහල ජනයා අතර පැවති බවට වන ජනප්‍රවාද පවා විරලය. එනමුදු විවාහය යනු ලිංගික කාරණා මත පමණක් පදනම් වුවක් නොවන බවද එය උත්තරීතර දේව නියමයක සබැදියාවක් බවද එහි දිගුවක් ලෙස ඊට නීතිමය පදනමක් පැවතිය යුතු බවද දක්වලනු ලැබුයේ විදේශිකයන් සමග කිතු දහම මෙරට තුල ව්‍යාප්ත කිරිමට පැමිණි කතෝලික පුජක වරුන් විසිනි. එසේම හෙළ ජන සමාජය තුල වූ බහු පුර්ෂ, බහු භාර්යා සේවනයට තිත තබමින් ලංකාවේ සේවය කළ මුල් කතෝලික පියවරු විවාහය යනු දේව අනුමැතිය ඇති, ශුද්ධ වූ කර්තව්‍යක් බව කතෝලික දහම වැළද ගත් ලක්දිව පළමු කිතුනු බැතිමතුන් හට ඉගැන්වීය. ඉන් අනතුරුව විවාහය සදහා මුල් කතෝලික පියවරු ලබා දුන් ආගමික ප්‍රවේශයට 1947 අංක 6 දරණ විවාහ ලියාපදිංචි කිරීමේ නීති සංග්‍රහය හමුවේ ffනතික පදනමක් ලබා දෙන ලදී .
                                 
                                 විදේශිකයන් සමග කිතු දහම මෙරට තුල ව්‍යාප්ත කිරිමට පැමිණි කතෝලික පුජක වරුන් විවාහය නම් වූ ගිහි කර්තවයට උපදෙස් ලබා දිමට පෙර , මෙරට වාසය කළ ආගමික නායකයින් ලිංගිකත්වය ප්‍රමුඛ සාධකයක් වන විවාහය නම් ගිහි කර්තවයට උපදෙස් ලබා දීමට කටයුතු නොකළ  බව හෙළි වේ.
                                මේ අනුව 1947 න් පසු ffනතික පදනමක් ලැබූ විවාහය හා බැදී කටයුතු කිරීමේදී  මුල් කතෝලික පියවරු දේවස්ථාන ඇසුරේ විවාහ ලියාපදිංචිය සිදු කරනා ලදී. ඒ අනුව කිතුනු දහම වැළද ගත් කතෝලිකයෝ තම විවාහය දේවස්ථානය මුල්කොට ගෙන සිදු කරනා ලදී. අතීතයේ සිට අද දක්වා දේවස්ථාන ඇසුරේ සිදු කරනා විවාහ ලියාපදිංචියකදී විවාහ රෙජිස්ට්‍රාර් වරයාගේ කර්තව්‍ය මංගල දේව මෙහෙය සිදු කළ පියතුමා විසින් සිදු කරනු ලබයි. එය ආගමික පදනමින් නම් ආදම් සහ ඒව මෙලොව පළමු මනුෂයන් ලෙස දෙවියන් වහන්සේ  එක් කළ ශුද්ධ වූ බැදීමක් වූ විවාහයේ වර්තමාන දේව  නියෝජිතයා පියතුමා වෙයි. මෙලෙස කිතුනු විවාහයට තම ආගම ඇසුරේ ගොඩ නැගී සංස්කෘතිය තුල හැඩ ගැසුණු විවාහ චාරිත්‍ර විධි ඇති බව දුටු සිංහල බොදුනු  මධ්‍යම පන්තිය ඔවුන්ට ආවේනික වූ  විවාහ චාරිත්‍ර විධි හි අවශ්‍යතාවය වටහා ගත්හ. ඉන් අනතුරුව ලෝකාර්ථ සාධක සංගමය ප්‍රධානත්වයෙන් විවාහයේ දී නුවර රදළයන් අතර පවතී පෝරුවේ චාරිත්‍රය සාමාන්‍ය ජනතාවට හදුන්වා දෙමින් එය සමස්ථ  බොදුනු ජනතාවට ආවේනික වූ  විවාහ චාරිත්‍ර ක්‍රමවේදයක් ලෙසින් ප්‍රචලිත කිරීමට වෙර දරන ලදී.
                       
                                       නමුත් පෝරුවේ චාරිත්‍රය හරහා  බොදුනු දෘෂ්ටියක් විද්‍යාමාන නොවූ අතර ඉන් විශද වුයේ හෙළ සංස්කෘතියයි. මෑත කාලීන ඉතිහාසය වන තුරුම විවාහයකදී පෝරුවේ චාරිත්‍රය සිදු කරනු ලැබුවේ නිවසක හෝ උත්සව ශාලාවක් තුලදීය. නමුත් වර්තමානය වන විට ලිපිය ආරම්භයේදී  දැක්වූ ලෙස ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් වන, ජනප්‍රිය ජනමත නායකයින් තම විවාහයකදී පෝරුවේ චාරිත්‍රය ආගමික සිද්ධස්ථානයකදී හෙවත් පන්සලක් තුලදී සිදු කිරීම ආරම්භයත් සමගම වර්තමානය වන විට සමස්ථ බහුතරයම නොවුවත් යම් පිරිසකගේ අවධානය ඊට යොමුව ඇතිබව දක්නට ලැබේ.        
                             
                                        පසුකාලීනව මිෂනාරි අධ්‍යාපනය ලැබූ මධ්‍යම පාන්තිකයින් ද කිතුනු දහම තුලින් මෙරට සංස්කෘතිය තුල ස්ථාපිත වන විවාහ සංස්කෘතිය කෙරෙහි හිතවාදී දැරීය. තවද මෙරට බොදුනු පුනර්ජීවනය සදහා වෙහෙස වූ ඕල්කට් තුමා පවා ඒක භාර්යා, ඒක පුර්ෂ සේවනය අනුමත කිරීම හා විවාහය තුල ffනතික පදනමක් තිබිය යුතු බව පිලිගැනීම මත විවාහය හා බැදී කිතුනු ආගමික සිරිත් විරිත්  බොදුනු සමාජය තුල ස්ථාපිත කිරිමට වෙර දැරූ බව හදුනා ගත හැකිය.
                                  
                                  තවද නිත්‍යානුකුල විවාහය එදිනෙදා ව්‍යවහාර භාෂාවේදී හැදින්වීමට යොදා ගනු ලබන වදන වන “ කසාදය ”  යන වදන පවා සිංහල භාෂාවට බිදිවිත් ඇත්තේ පෘතුගීසි භාෂාවෙනි.
                             
                                          වර්තමානය තුල පවා බොදුනු බැතිමතුන් විවාහ උත්සව වල දී සිදු කරනු ලබන ඇතැම් චාරිත්‍ර විධි කිතුනු ආගමික විවාහ චාරිත්‍ර විධි තුලින් උකහාගත් දේ බව විද්‍යමාන වේ. එනම් පියා විසින් මනාලිය මනාලයට භාර් දීම , මනාලිය වේලයක්  පැලදීම , විවාහ උත්සවය පවත්වන ස්ථානයට මනාලිය පැමිණෙන විට සමුහයා  නැගී සිටීම , මුදු පැළදවීම ඇසුරේ චාරිත්‍ර විධි ආදිය මිට නිදසුන් මොනවට කියාපානු ලබයි. පෝරුවේ විවාහ  චාරිත්‍ර විධි වල එන සාධනීය ලක්ෂණ වන මාපියන් නැමදීම ආදී ඇතැම් දේ කිතුනු ආගමික විවාහ චාරිත්‍ර විධි වලට එක් කොට ගෙන තිබීමද හදුනාගත හැකිය.
                        
                                  කෙසේ නමුදු වර්තමානය සමාජ සන්දර්භය තුල මිනිස් ජීවිතයේ ඉතා වටිනා සන්ධිස්ථානයක් වන විවාහය නම් වූ සංස්කෘතිමය , සමාජමය සාධකයට මෙරට තුල පදනම ලැබුවේ කිතුනු දහම ඇසුරේ බව මොනවට පැහැදිලි වේ.