Monday, August 1, 2016

කිතුදහමින් පදනම ලැබූ ලංකේය විවාහ චාරිත්‍ර .

  



                       වත්මන් සමාජ සන්දර්භය තුල ප්‍රබල මතයක් නිර්මාණය කිරීමේ ලා ජන මාධ්‍ය සමත්ව ඇත. එහි එක් ප්‍රබල ප්‍රතිපලයයක්ව ඇත්තේ සමාජය තුල ජන මාධ්‍ය මගින් මෙහයවනු ලබන සංස්කෘතියක් මුල් බැස ගෙන තිබීමයි. එකී සංස්කෘතිය “ ජනප්‍රිය සංස්කෘතිය ” නම් වන අතර මෙය වැළද ගන්නෝ බහුතරය තරුණයෝ වෙති.

                      ඕනෑම සමාජ ස්තරයක “ විවාහය ” නම් වූ සංස්කෘතික සාධකයට පෘථුල ඉඩ කඩක් වෙන්ව ඇත. අද්‍යතන තරුණ පරපුර “ විවාහය ” නම් වූ සංස්කෘතික සාධකයට පවා ඉහතින් දැක්වූ ලෙස ජනප්‍රිය සංස්කෘතියේ අංගෝපාංග එක් කොට ගැනිමට මහත් පරිශ්ශ්‍රමයක් දරනු දක්නට ලැබේ. පුද්ගල ජීවිතයක  දෙවන ජන්මලාභය ලෙස සනිටුහන් වනු ලබන විවාහය සැලසුම් කිරීමේදී  වත්මන් තාරුණ්‍යය ජනප්‍රිය සංස්කෘතිය මත යැපෙමින් wedding Theme , wedding package ආදී නවාංග තම විවාහයට එක් කොට ගනු දක්නට ලැබේ.  විවිධ කාල පරාසය ඇසුරේදී විවිධාකාර ස්වරූපයන් දරනු ලැබුවාවු ද, නුතන සමාජ රටාව තුල තම සමාජ තත්වය නිරූපනය කිරිමේ ප්‍රමුඛ සාධකයක් වන්නාවූ ද  විවාහය, කලින් කලට ප්‍රබල සමාජ සාධකයක් වෙමින්, සංස්කෘතික සකස් කරමින් පුද්ගල ජීවිතය හා අනුපමේය සබදතාවක් දක්වයි. මේ සා පුළුල් පරාසයක් කරා යොමු වන විවාහය හා විවාහය ‍හා බැදි චාරිත්‍ර ලංකේය සමාජය තුල සනිටුහන් වුයේ කවරාකාරයෙන් ද යන්න සොයා බැලීම කාලෝචිත වේ.
                     
                                      මෙරට තුල විවාහය සංස්කෘතිකාංගයක් ලෙස බිහිවීමේ ලා මුඛයම සාධකය වුයේ කිතු දහම බව ඓයිතිහාසික සාක්ෂි හෙළිදරව් කරයි. ලංකේය ජන සමාජය තුල විදේශ ආක්‍රමණ වලට පෙර පැවති පුද්ගල චර්යා ධර්ම අතර  විවාහය ‍හා බැදි චාරිත්‍ර වලට යම් ඉඩකඩක් පැවති බව හදුනාගත නොහැකිය. සිංහල ජනයා අතර ලිංගික ජීවිතය පිළිබද පැවතියේ ලිහිල් සබදතාවක් බව රොබට් නොක්ස් ගේ  සහ කේරොෂ් ගේ වාර්තා තුල පවා සදහන් වෙයි. මෙරට තුල ජීවත් වූ හින්දු භක්තිකයන් ඇසුරේ පැවති විවාහය හා බැදි ශුද්ධභාවය පිළිබද වූ සංකල්පය සිංහල ජනයා අතර පැවති බවට වන ජනප්‍රවාද පවා විරලය. එනමුදු විවාහය යනු ලිංගික කාරණා මත පමණක් පදනම් වුවක් නොවන බවද එය උත්තරීතර දේව නියමයක සබැදියාවක් බවද එහි දිගුවක් ලෙස ඊට නීතිමය පදනමක් පැවතිය යුතු බවද දක්වලනු ලැබුයේ විදේශිකයන් සමග කිතු දහම මෙරට තුල ව්‍යාප්ත කිරිමට පැමිණි කතෝලික පුජක වරුන් විසිනි. එසේම හෙළ ජන සමාජය තුල වූ බහු පුර්ෂ, බහු භාර්යා සේවනයට තිත තබමින් ලංකාවේ සේවය කළ මුල් කතෝලික පියවරු විවාහය යනු දේව අනුමැතිය ඇති, ශුද්ධ වූ කර්තව්‍යක් බව කතෝලික දහම වැළද ගත් ලක්දිව පළමු කිතුනු බැතිමතුන් හට ඉගැන්වීය. ඉන් අනතුරුව විවාහය සදහා මුල් කතෝලික පියවරු ලබා දුන් ආගමික ප්‍රවේශයට 1947 අංක 6 දරණ විවාහ ලියාපදිංචි කිරීමේ නීති සංග්‍රහය හමුවේ ffනතික පදනමක් ලබා දෙන ලදී .
                                 
                                 විදේශිකයන් සමග කිතු දහම මෙරට තුල ව්‍යාප්ත කිරිමට පැමිණි කතෝලික පුජක වරුන් විවාහය නම් වූ ගිහි කර්තවයට උපදෙස් ලබා දිමට පෙර , මෙරට වාසය කළ ආගමික නායකයින් ලිංගිකත්වය ප්‍රමුඛ සාධකයක් වන විවාහය නම් ගිහි කර්තවයට උපදෙස් ලබා දීමට කටයුතු නොකළ  බව හෙළි වේ.
                                මේ අනුව 1947 න් පසු ffනතික පදනමක් ලැබූ විවාහය හා බැදී කටයුතු කිරීමේදී  මුල් කතෝලික පියවරු දේවස්ථාන ඇසුරේ විවාහ ලියාපදිංචිය සිදු කරනා ලදී. ඒ අනුව කිතුනු දහම වැළද ගත් කතෝලිකයෝ තම විවාහය දේවස්ථානය මුල්කොට ගෙන සිදු කරනා ලදී. අතීතයේ සිට අද දක්වා දේවස්ථාන ඇසුරේ සිදු කරනා විවාහ ලියාපදිංචියකදී විවාහ රෙජිස්ට්‍රාර් වරයාගේ කර්තව්‍ය මංගල දේව මෙහෙය සිදු කළ පියතුමා විසින් සිදු කරනු ලබයි. එය ආගමික පදනමින් නම් ආදම් සහ ඒව මෙලොව පළමු මනුෂයන් ලෙස දෙවියන් වහන්සේ  එක් කළ ශුද්ධ වූ බැදීමක් වූ විවාහයේ වර්තමාන දේව  නියෝජිතයා පියතුමා වෙයි. මෙලෙස කිතුනු විවාහයට තම ආගම ඇසුරේ ගොඩ නැගී සංස්කෘතිය තුල හැඩ ගැසුණු විවාහ චාරිත්‍ර විධි ඇති බව දුටු සිංහල බොදුනු  මධ්‍යම පන්තිය ඔවුන්ට ආවේනික වූ  විවාහ චාරිත්‍ර විධි හි අවශ්‍යතාවය වටහා ගත්හ. ඉන් අනතුරුව ලෝකාර්ථ සාධක සංගමය ප්‍රධානත්වයෙන් විවාහයේ දී නුවර රදළයන් අතර පවතී පෝරුවේ චාරිත්‍රය සාමාන්‍ය ජනතාවට හදුන්වා දෙමින් එය සමස්ථ  බොදුනු ජනතාවට ආවේනික වූ  විවාහ චාරිත්‍ර ක්‍රමවේදයක් ලෙසින් ප්‍රචලිත කිරීමට වෙර දරන ලදී.
                       
                                       නමුත් පෝරුවේ චාරිත්‍රය හරහා  බොදුනු දෘෂ්ටියක් විද්‍යාමාන නොවූ අතර ඉන් විශද වුයේ හෙළ සංස්කෘතියයි. මෑත කාලීන ඉතිහාසය වන තුරුම විවාහයකදී පෝරුවේ චාරිත්‍රය සිදු කරනු ලැබුවේ නිවසක හෝ උත්සව ශාලාවක් තුලදීය. නමුත් වර්තමානය වන විට ලිපිය ආරම්භයේදී  දැක්වූ ලෙස ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් වන, ජනප්‍රිය ජනමත නායකයින් තම විවාහයකදී පෝරුවේ චාරිත්‍රය ආගමික සිද්ධස්ථානයකදී හෙවත් පන්සලක් තුලදී සිදු කිරීම ආරම්භයත් සමගම වර්තමානය වන විට සමස්ථ බහුතරයම නොවුවත් යම් පිරිසකගේ අවධානය ඊට යොමුව ඇතිබව දක්නට ලැබේ.        
                             
                                        පසුකාලීනව මිෂනාරි අධ්‍යාපනය ලැබූ මධ්‍යම පාන්තිකයින් ද කිතුනු දහම තුලින් මෙරට සංස්කෘතිය තුල ස්ථාපිත වන විවාහ සංස්කෘතිය කෙරෙහි හිතවාදී දැරීය. තවද මෙරට බොදුනු පුනර්ජීවනය සදහා වෙහෙස වූ ඕල්කට් තුමා පවා ඒක භාර්යා, ඒක පුර්ෂ සේවනය අනුමත කිරීම හා විවාහය තුල ffනතික පදනමක් තිබිය යුතු බව පිලිගැනීම මත විවාහය හා බැදී කිතුනු ආගමික සිරිත් විරිත්  බොදුනු සමාජය තුල ස්ථාපිත කිරිමට වෙර දැරූ බව හදුනා ගත හැකිය.
                                  
                                  තවද නිත්‍යානුකුල විවාහය එදිනෙදා ව්‍යවහාර භාෂාවේදී හැදින්වීමට යොදා ගනු ලබන වදන වන “ කසාදය ”  යන වදන පවා සිංහල භාෂාවට බිදිවිත් ඇත්තේ පෘතුගීසි භාෂාවෙනි.
                             
                                          වර්තමානය තුල පවා බොදුනු බැතිමතුන් විවාහ උත්සව වල දී සිදු කරනු ලබන ඇතැම් චාරිත්‍ර විධි කිතුනු ආගමික විවාහ චාරිත්‍ර විධි තුලින් උකහාගත් දේ බව විද්‍යමාන වේ. එනම් පියා විසින් මනාලිය මනාලයට භාර් දීම , මනාලිය වේලයක්  පැලදීම , විවාහ උත්සවය පවත්වන ස්ථානයට මනාලිය පැමිණෙන විට සමුහයා  නැගී සිටීම , මුදු පැළදවීම ඇසුරේ චාරිත්‍ර විධි ආදිය මිට නිදසුන් මොනවට කියාපානු ලබයි. පෝරුවේ විවාහ  චාරිත්‍ර විධි වල එන සාධනීය ලක්ෂණ වන මාපියන් නැමදීම ආදී ඇතැම් දේ කිතුනු ආගමික විවාහ චාරිත්‍ර විධි වලට එක් කොට ගෙන තිබීමද හදුනාගත හැකිය.
                        
                                  කෙසේ නමුදු වර්තමානය සමාජ සන්දර්භය තුල මිනිස් ජීවිතයේ ඉතා වටිනා සන්ධිස්ථානයක් වන විවාහය නම් වූ සංස්කෘතිමය , සමාජමය සාධකයට මෙරට තුල පදනම ලැබුවේ කිතුනු දහම ඇසුරේ බව මොනවට පැහැදිලි වේ.         



2 comments:

  1. මේව අැත්තද බලන්න බදින්න හිතෙනව

    ReplyDelete