Thursday, August 4, 2016

විකට්ටුව

උඩ දමන පන්දුවට
                හූල්ලන මල්ලියේ.....
ටීම් එකට බැහැගන්න  
                පොර වදින  මල්ලියේ.....

කම්බිවැට අල්ලාගෙන
                    පිට්ටනිය දෙස බලා
ගහන උන් අමතනා
                    අහිංසක මල්ලියේ.....

බඩට ලුණු කැද ටිකක් 
                   
                     දමන්නට බැරි අපට

කොහෙ ගහන “කිරිකැට්” ද 
                     
                     ගෙට වරෙන් මල්ලියේ.....   

12 comments:

  1. duppathkama loke siyallata wada yatai

    ReplyDelete
  2. Duppathkamath waligaya nethi gona weni..

    ReplyDelete
  3. ක්‍රිකට් හුදෙක් ‍පෝසතුන්ගේ ක්‍රීඩාවක්

    ReplyDelete
  4. ක්‍රිකට් හුදෙක් පෝසතුන්ගේ ක්‍රීඩාවක්

    ReplyDelete
  5. දුප්පතුන්ට හිමි නැති කිරිකැට්

    ReplyDelete
  6. duppathwa ipadima ape waradak newei. eth duppathwa merena eka apema waradak neda.

    ReplyDelete
  7. Aniwa Heshan. By the way good work dear

    ReplyDelete