Thursday, September 1, 2016

ගිරවා දැමීම.



වාචෝද්ගත කිරීම, කටපාඩම් කිරීම නැතිනම් ගිරවා දැමීම ගැන මෙකල බොහෝදෙනා දෝෂාරෝපණය කරනවා. විශේෂ විභාග රහිතව කටපාඩම් කිරීමෙන් පමණක් ඉගෙනිමට කල්පනා කිරීම ගැන නම් දෝෂාරෝපණය කිරීම යුක්තිසහගතයි. නමුත් ඊට උවමනා අංගෝපාංග සහිතව කටපාඩම් කරගැනීම කිසිසේත් වරදක් නෙමෙයි. ඒ බව සුතා, ධාතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා යන දේශනා පාඨයන්ගෙන් පැහැදිලි වෙනෙවා.
                      
      සුතා යන්නෙන් උගත මනා දෙය ගුරුවරුන්ගෙන් කියවා ගැනීම සහ තමන් ම හොදින් පොත පත කියවීම ඇගවෙනවා. ධාතා යන්නෙන් ඒ කියවා ගත් දෙය එසේම සිතින් දරා ගැනීම දැක්වෙනවා. වචසා පරිචිතා ඒ සිතින් දරා ගත් දෙය නොයෙක්වර වචනයෙන් ද පාඩම් කියා ප්‍රගුණ කර ගැනීමත්, මනසානුපෙක්ඛිතා යන්නෙන් එසේ වචනයෙන් ද කියා ප්‍රගුණ කර ගත් දෙය විශේෂ විභාග පරික්ෂා කිරීම් ආදී වශයෙන් නැවත නැවතත් සිතෙනුත් සිතා බැලීම ද, දිට්ඨියා සුප්පටිවිද්ධා යන්නෙන් එසේ සිතෙනුත් සිතා තීරණය කරගත් දෙය එසේම හොදින් ඥානයෙන් අවබෝධ කර ගැනීම ද ප්‍රකාශ වෙනවා.


              මෙය සංක්ෂේප වශයෙන් උගත මනා කරුණ හොදින් පාඩම් කර ප්‍රගුණ කර ගැනීම ද, එය නැවත නැවතත්  සිතෙනුත් සිතා බැලීමද, එය එසේම ඥානයෙන් ද, නොනස්නා පරිදි අවබෝධ කර ගැනීමද යන ප්‍රධාන කරුණු තුනකින් යුක්ත වෙනවා.

                              මීට වෙනස් ව කිසිකලෙකත් ඉගෙනීමක් සිදු නොවන බැවින් ශිෂ්‍යයන් වන අප විසින් උගත මනා කරුණු පාඩම් කර, හොදින් ප්‍රගුණ කොට, එහි අර්ථ හා විශේෂ විභාගාදිය හොදින් සිතා බලා තීරණය කරගෙන එය නො නැසෙන පරිදි ඥානයෙන් අවබෝධ කරගත යුතුයි.

No comments:

Post a Comment