තාක්ෂණයෙන් වගේම බුද්ධිමය අතින්ද දැවැන්ත පියවර
තබන මානවයා ඇතැම් සමාජමය කරණා වලදී පසුගාමී චින්තනයක් පදනම් කරගනී. සමාජය තුළ
කාන්තාව වෙත හෙලන දෘෂ්ටිය ඉන් ප්‍රධාන කාරණයක්. පුරාණ වෙදික යුගයේදී කාන්තවට ද,
පුර්ෂයාට සමාජයේ හිමිව තිබූ සෑම අයිතිවාසිකමක්ම හිමි වුණා. ජගන්මාතා වන්දනය තුළින්
කාන්තාව පුජනීයත්වයෙන් ද සළකනු ලැබුවා. නමුත්
බ්‍රහ්මණ යුගය වීමේදී කාන්තාවට තිබූ සෑම අයිතිවාසිකමක්ම බ්‍රහ්මණ සමාජය උදුරා ගනු
ලැබුවා.

බුද්ධ දේශනාව තුළ කාන්තාවට විශාල ඉඩක් ලැබුණා.
පියා පමණක් නොව මවද පුර්වාචාරීන් ලෙස හදුන්වා දුන්නා. කෝසල මල්ලිකාට දියණියක්
ලැබීමෙන් දුක් වුනු කොසොල් රජුට, ඇතැම් ස්ත්‍රීන් පුර්ෂන්ට වඩා ශ්‍රේෂ්ඨ වන බව
බුදුන්වහන්සේ පහදා දුන්නා. සිගාල සුත්‍රයේ සදහන් පරිදි කාන්තාව අයිතිවාසිකම් සහිත ගරුත්වය
යුතු කෙනෙක් බවට සදහන් කරනවා. බුදු සසුනේ සිව්වනක් පිරිසෙන් අඩක් කාන්තා නියෝජනය කිරීම හමුවේ
ස්ත්‍රීන්ට හිමි වූ නිසිතැන හදුනා ගන්න පුළුවන්. කාන්තාවකට බුද්ධි මහිමය සංවර්ධනය
කිරීමෙන් විශ්මයජනක දේ කළ හැකි බව භික්ෂුණි සංයුක්තයේ එන සෝමා තෙරණියගේ කතාවෙන් ද
පැහැදිලි වේ. භික්ෂුණි සංයුක්තයේ වජිරා, ගෝතමී, විජයා,උත්පලවන්නා, උපචාලා,
සුපචාලා,සේලා යන කතා පුවත් තුලින් ද ස්ත්‍රීත්ව ලැබීම ශාපයක් නොවන බව පෙන්වා දෙයි.

ඒ අනුව බුදුන්වහන්සේගේ දර්ශනයත්, ක්‍රිස්තුස්
වහසේගේ ධර්මයත් කාන්තා නිදහස වෙනුවෙන් අනුබලක් ලබා දෙමින් කාන්තාවන් සමාජයේ හිමි
නිසිතැන ලබා දිමට කටයුතු කළා. බුද්ධ දර්ශනය අනුගමය කරන්නෝත්, ක්‍රිස්තු ධර්මය
අදහන්නෝත් කාන්තාවනට සමාජය තුළ සමතැන ලබා දීම කවරක් වෙතත් නිසිතැන ලබා දිමට උත්සුක
විය යුතුමය.
nice article
ReplyDeleteඉතාම හොද ප්‍රස්තුතයක්.. නව්‍යයි .. මානව කේන්ද්‍රීය ලියවිල්ලක්. සතුටුයි.
ReplyDeleteWoow
ReplyDeleteGood article