කුරුම්බැට්ටි මැෂිමෙන් මැසූ රෙදිපිළි ඇගලාගෙන , සෙල්ලම්
කඩයෙන් මිලදීගත් හාල් පිනි ගෙන සෙල්ලම් ගෙදර බත් පිසූ දගකාර පොඩිත්තන්ගේ සමය
අවසන්ව දශකයක්ද ඉක්ම ගොස් ඇත. කලකට පසුව පොඩිත්තන් කෙළිදෙලෙන් ගත කළ සන්ද්‍යා
සමය ජනමාධ්‍ය හරහා පැමිණි මනෝමුලික විරවරුන් තම දස්කම්
පෑමටත්, යථා
ලෝකය දරුවාගෙන් දුරස් කිරිමටත් යුහුසුළු වුහ.
වත්මන තුල දෘශ්‍යමාන වන නවතම ප්‍රවණතාව වනුයේ ජනමාධ්‍ය
හරහා පෙළඹවිම් කාරකයක් ලෙස බටහිර කාන්තාවන්ට ලිංගික උත්තේජනය ලබා දුන් රෙස්ලින්
වැඩසටහන් නුතන ලාංකේය දරුවාගේ ජනප්‍රිය පරිඝනක ක්‍රීඩාවක් බවට පත්ව තිබීමයි. සිත්පිත් නැති
එවුන් සේ දරුවා පරිඝනක ක්‍රීඩා ඔස්සේ ආයුධ සන්නද්ධව සමූල ඝාතනය කරමින් ‘මිෂන්’ ජයග්‍රහණයට
යොමුව තිබේ. අනෙකාගේ ප්‍රබල පරාජය තම අද්විතීය ජයග්‍රහණය බව දරුවා
ගෝචර කොට ගෙන තිබේ. නුතන දෙමාපියන්ද උපායශීලි, වඩාත්
ම්ලේච්ඡසහගත පරිගණක ක්‍රීඩා CD, VCD දරුවා ඉදිරියේ
ගොඩ ගැසීමෙන් දාරක සෙනෙහස ලබා දිමට උත්සුක වෙති.
‘ඔයා දන්නවද යාළු මම ඊයේ වතුරේ වටිචිච කූඹී පැටව් 3 දෙනෙක් බෙර
ගත්තා.’ යැයි මිට කලකට පෙර දස හැවිරිදි දරුවකු පැවසූ නමුදු නුතනයේ දස හැවිරිදි දරුවකු ‘‘ඔයා දන්නවද
මචං මම ඊයේ GTA ගේම් මිෂන් 3 එකේ මිනිස්සු 18 දෙනෙක් මැරුව’’ පැවසීම සුලභ ය. සමස්ථ
ජීවිතයේම ආදරණිය මතක සටහන් සනිටුහන් වන සොදුරු ජීවන කාලපරිච්ඡේදය වන ළමා අවදිය තුළ
අද්‍යතන දරුවා ආත්මාර්ථකාමී සටන්කාමියකු
වී හමාරය. එහි වගකීම දරුවා මත හෝ දෙමාපියන් මත හෝ සමාජ ක්‍රමය මත
හෝ පැටවීම යුක්ති සහගත නොවේ.
කලෙක නිර්මාණශීලි මිනිසුන්ගේ ජීවිතයේ පදනම වූ ළමා අවදිය
වත්මන වන විට අනාගත ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයේ නිජ බිම බවට පත්ව ඇත. සමස්ථ
සමාජයම උඩුයටිකුරු කිරීම අපහසු නමුදු
පෞද්ගලිකමය ආකල්පීය වෙනසකින් සමස්ත සමාජ ක්රමයම
ප්‍රතිසංස්කරණ කිරීම නම් අපහසු නොවනු ඇත. ආගාධය කරා යන
අනාගත පරපුර ගලවා ගැනීම මා තුළ මේ නිමේෂයේදීම උඩුගම් බලා යන ආකල්පීය වෙනසක් ඇති
කොට ගත යුත්තේමය.
:-D:-*O:-)
ReplyDelete