“ඇපල්” කිව්වම ලෝකයේ බහුතරයක් මිනිස්සු අදුනනවා.
ඇපල් ගහක් කවදාවත් දැකල නොතිබුණාට දවස් ගණන්, මාස ගණන් පරණ ඇපල් මිනිස්සු කිසිම
අපුලක් නැතුව රස කර කර කනවා. “ඔබ ඇපල් මලක් වගේ......” කිව්වට සමහර විට ඇපල් මලක්
කොයි විදිහද කියල හිතලවත් නැතුව ඇති. කොහොම නමුත් ඇපල් කියන්නනේ ලෝකය වෙනස් කළ
පළතුරක්. එක පාරක් නෙමේ තුන් පාරක් ඇපල්, ලෝකය වෙනස් කලා. ඇපල් ගෙඩියකට එච්චර
දෙයක් කරන්න පුළුවන් වෙයි කියල හිතන්නවත් බැරි වුනාට ඒක තමා ඇත්ත.
ලෝකය වෙනස් කරපු දෙවෙනි ඇපල් ගෙඩිය තමා සර් අයිසෙක් නිව්ටන් ගේ ඔළුවට වැටුණේ. මහා අවුලක හිටපු සර් අයිසෙක් ගුරුත්වාකර්ෂණය හොයා ගන්නේ ඒ ඇපල් ගෙඩියට පින් සිද්ද වෙන්න. එකෙන් චන්ද්‍රයා පෘථිවිය වටා යද්දී ඒමත ක්‍රියාකරන කෙන්ද්රාභීසාරී ත්වරණත් පෘතුවිය මත පහලට වැටුනු ඇපල් ගෙඩිය ලක්වූ ගුරුත්වජ තවරණයත් කියන දෙකම එකක් වෙන්න පුළුවන් කියල හිතුවා. 1665 දී කේම්බ්‍රිජ් සරසවියෙන් පන්ති තහනමට ලක් වෙච්ච අයිසෙක් ශිෂ්‍යයා ලෝකයක් හදුනන මහා විද්වතෙක් කළේ ඇපල් ගෙඩියක්. නුතන ලෝකයේ භෞතික විද්‍යවේ ප්‍රගමණයට මේ ඇපල් ගෙඩිය දායක වුනා කියන ඒක නම් නොරහසක්....
අයෙත් ඇපල් ලෝකය
වෙනස් කරන්න ගොඩක් අවස්ථාව තියනවා. ඒ වෙනකම් අපි ඇපල් කකා බලාගෙන ඉමු.
ඉතිහාස ගතවන අැපල්
ReplyDeleteApple gediyakatath kranna puluwan dewal maarai..
ReplyDelete