සිරුරෙන් පිටවන ශ්‍රාවයන්
බොහෝ විට අපට ජුගුප්සාව උපදවයි. එනමුදු ලොව අපට කියා දෙන , දෙනයන තුලින් පිට වන
ශ්‍රාවය වන්නාවූ ‘කදුළු ’ කෙරෙහි අපට ඇත්තේ අන් අයුරක භාවයන් වේ. එය කෙතරම් භාව
උද්දීපනයට ඉවහල් වන්නේද යත් සාහිත්‍ය රසය පවා කදුළු තුලින් ජනිත කරවයි . මේ වූ
කදුළු හා ස්ත්‍රිය අතර ඇත්තේ අනුපමේය නමුදු විස්තර කොට නොහී මෙන්ම චමත්කාරජනක සබදතාවයකි.
‘’ එදා මෙදා තුර කදුළට විවර වූ දෑස් පියන්පත් කවුළු වසා
..............’’ පෙම්වතියගේ වියෝගයෙන් පෙලෙනා පෙම්වතා තම පෙම්වතිය ගීත සාහිත්‍ය
තුල දුටුවේ එලෙසිනි. කදුළු වැටෙනා පුරුෂ නෙත් දුටු කවරෙකු වුවද "ගෑණු කෙනෙක් වගේ අඩනවා’’ යැයි පැවසීම සුලබය. සමාජය
කදුළු සැලීමේ හිමිකම එලෙස ස්ත්‍රිය මත පවරා ඇති බව දෘශ්‍යමාන වේ. විටක කදුල ස්ත්‍රියට
ආභරණයක්ද, විටක පරා වළල්ලක්ද, විටක අභියෝගයක්ද, තවත් විටක අනතුරකද වනු ඇත.
කාන්තාවක කදුළු සලනුයේ හුදෙක් දුක තුනී කරගනු සදහා පමණක්ම නොවේ. විටක ඇය සතුටට ද
විටක ශෝකයට ද තවත් විටක බියට ද කෙන්තියට
ද, සංවේදී කරනා හමුවේ සේම අහේතුකව ද
කාන්තාව කදුළු සලන්නිය. ඇගේ ඒ කදුළු හමුවේ සමාජයේ වූ අන් ප්‍රතිචාර කෙරෙහිද ඒ
ස්ත්‍රි කදුළු ම අපේක්ෂා සහගතව සිටින්නීය.
සතුට ට දෙනයන තෙත් කරනා කදුළු ලොවට පෙන්විමට ඈ ආශා ඇත්තීය. ඒ එවිට කදුල ඈ කෙරෙහි ඇති අනුපමේය සන්තුෂ්ටියේ සංකේතය වන බැවිනි. ශෝකය පළ කිරිමට ගලනා කදුළු සැගවිමට ලලනාවක උත්සුක වෙයි. අගේ ඒ කදුළු හි අර්ථය විමසීම ඒ මොහොතට උචිත නොවනු අතර එය පසුව විමසීම නුවණට හුරු වනු ඇත. කෙන්තියට හෙළනා කදුළු හි අරුත සමාජය විමසතැයි කදුළු සලන්නිය අපේක්ෂා කරනා අතර ඇයට වූ අසාධාරණය සමනයට එය රුකුලක් වනු ඇත. සංවේදී කරනා හමුවේ කදුළු සලනා අයෙකු තම සවේදී බව සමාජයට දැනවීමට රුචි නම් කදුළු සගවා නොගන්නා අතර, තම සවේදී බව සමාජයට දැනවීමට අකමැති ලදුන් තම සවේදී බවේ ප්‍රතිමුර්තිය වූ කදුළු සැගවිමට උත්සුක නොවෙති.
මවක, දියණියක, සොයුරියක, මිතුරියක, පෙම්වතියක, බිරිදක ලෙස අප සියල්ලන් කාන්තාවන් හා සමාජීය මෙන්ම දැඩිතර ප්‍රේමනීය සබදතා පවත්වමු. එසේ හෙයින් කදුළු සමග සබදතා පවත්නා ස්ත්‍රිය සමග සම්බන්දතා ගොනු කර ගන්නා අපි කතකගේ දෙනෙතින් වැටෙනා කදුළු කුමකට වැටෙනා කදුළු ද, ඊට කවර ප්‍රතිචාරයක් දැක්විය යුතුද යන්න නිසි අවබෝදයෙන් කටයුතු කරන්නේ නම් කාන්තාවන් හා අතර ඇති කවර ආකාරයේ සබදතාවක් වුවද වඩා සාර්ථක අයුරින් පවත්වාගෙන යා හැකිය.
No comments:
Post a Comment